නයිජර් අන්තර්වාර ජනපති වෙත පූටින්ගෙන් ඇමතුමක්


නයිජර් රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති අසීමි ගොයිටා සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

එහිදී, රටේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය මෙන්ම, රට තුළ සාමය සහ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම ගැනද රුසියානු නායකයා සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම මෑත කාලයේදී අප්‍රිකානු මහද්වීපයේ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාවේ අවධානය වැඩිවශයෙන් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles