නත්තල් සීයා ගැන ට්‍රම්ප්ගේ සැකය කුඩා දැරියට නැතිලු


නත්තලට පෙර දින ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා දැරියකට ලබාදුන් නත්තල් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිව තිබේ.

දකුණු කැරොලීනා හි ලෙක්සින්ග්ටන් හි පදිංචි කෝල්මන් ලොයිඩ් දැරිය වෙත මෙම දුරකථන ඇමතුම යොමුව තිබුණු අතර, එහිදී ට්‍රම්ප් විසින් නත්තල් සීයා කෙනෙකු සැබෑවටම සිටීම සම්බන්ධයෙන් සැකමුසු කතාවක් සිදුකර තිබේ.

එහිදී, දරුවාගේ වයස අවුරුදු 7ක් බව දැනගත් විට ට්‍රම්ප් යළිත් පවසා ඇත්තේ 'එය ආන්තික ඇත්තක් වෙන්න පුළුවන්' කියාය.

එහිදී, දරුවා 'ඔව්' කියා පිළිතුරු දුන්නත්, එහි තේරුම දරුවාට නොදැනී ඇති බව කියැවෙයි. නමුත්, ජනපතිවරයාගේ දුරකථන ඇමතුමක් ලැබීම තමන් පුදුමයට පත්වූ අවස්ථාවක් බවද දරුවා පවසා ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් කවරක් කීවත්, මෙම දරුවා තවමත් නත්තල් සීයා කෙනෙකු සැබෑවටම සිටින බව විශ්වාස කරගෙන සිටින්නේ යැයි ඇමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles