නත්තල් සතියේ ලොවපුරා ගුවන් ගමන් 7,000ක් නවතී


නත්තල් සති අන්තයේ ලොව පුරා ගුවන් ගමන් 7,000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර තවත් දහස් ගණනක් ප්‍රමාද වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ අතරින් එක්සත් ජනපදයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, සංචාරක ව්‍යාකූලත්වය තීව්‍ර කරමින්, රටේ බටහිර ප්‍රදේශයේ දරුණු කාලගුණය මෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්තියද මීට බලපා ඇති බව කියයි.

ගුවන් නියමුවන්, ගුවන් සේවිකාවන් සහ අනෙකුත් සේවකයින් කොවිඩ්-19 ට නිරාවරණය වීමෙන් පසු රෝගාතුර වූ හෝ නිරෝධායනය කිරීමට සිදු වී ඇති අතර, Lufthansa, Delta, United Airlines, JetBlue, Alaska Airlines සහ තවත් බොහෝ සමාගම් මෙසේ ගුවන් ගමන් අවලංගු කර ඇත.

"මේ සතියේ රටපුරා ඔමික්‍රොන් රෝගීන් වැඩිවීම අපගේ ගුවන් කාර්ය මණ්ඩලයට සහ අපගේ මෙහෙයුම ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට සෘජුවම බලපා තිබෙනවා" යුනයිටඩ් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

"මේ හේතුවෙන්, අපට අවාසනාවන්ත ලෙස සමහර ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වූ අතර, බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට ගුවන් තොටුපළට පැමිණීම ගැන කල්තියා දැනුම් දී තිබුණා" ගුවන් සමාගම වැඩිදුරටත් පැවසීය.

"අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිවාඩු ගමන් සැලසුම්වල ප්‍රමාදය ගැන අපි සමාව අයැද සිටිනවා" සමාගම තවදුරටත් සඳහන් කළේය.



Recommended Articles