නගරාන්තර බස් රථ සේවා රැසක් අත්හිටුවීමට චීනය කටයුතු කරයි


කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ කිංඩාඕ හි බස් රථ නැවතුම ඇතුළු පළාත් රැසක නගරාන්තර බස් රථ සේවා රැසක් අත්හිටුවීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට මේ ආකාරයෙන් නගරාන්තර බස් රථ සේවා අත්හිටුවීමට ෂැන්ඩොං හි අන්තර් පළාත් මගී බස් සේවය කටයුතු කර තිබුණි.

මීට අමතරව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹුනේ යැයි සැලකෙන වුහාන් නගරය වෙත පැමිණෙන හා ඉන් පිටවන සියලු පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවා අත්හිටුවීමට මීට පෙර චීන බලධාරීන් කටයුතු කර තිබුණේ වෛරසය පැතිරීම ශීඝ්‍රයෙන් අවම කරගැනීම සඳහාය.



Recommended Articles