නගරාධිපතිගේ නිවස ගිනිතැබූ අයට ප්‍රංශයෙන් උපරිම දඬුවම්


පැරීසියේ ලාහෙයි-ලෙස්-රෝසස් හි දකුණු උපනගරයේ නගරාධිපති වින්සන්ට් ජින්බර්න්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ප්‍රංශ අගමැතිනී එළිසබෙත් බෝර්නේ පවසයි.

"ජනරජයේ මේ තේරීපත් වූ නියෝජිතයාට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සියලුම තේරී පත් වූ නියෝජිතයින්ට, මම පෞද්ගලිකවත් සහ ජාතියේ සහයෝගීතාවත් නැවත අවධාරණය කරනවා. මෙම නින්දිත ක්‍රියාවන්හි අපරාධකරුවන්ට උපරිම හා ස්ථිර ලෙසම දඬුවම් පැමිණිවෙනු ඇති" යැයි බෝර්නේ පැවසීය.

පසුගිය සතියේ අඟහරුවාදා පොලිස් නිලධාරියෙකු විසින් 17 හැවිරිදි යෞවනයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කරගෙන රටපුරා ඇති වූ නොසන්සුන්තාව අතරතුර, නගරාධිපතිවරයාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදී ඔහුගේ නිවස වැටලීම් කර ගිනිබත් කරන ලදී.



Recommended Articles