තම සහෝදර ධීවරයන් 16 දෙනෙකු ඝාතනය කර දකුණු කොරියාව වෙත පළා ගිය උතුරු කොරියානු ධීවරයන් දෙදෙනෙකු යළි එරටට භාරදීමට දකුණු කොරියාව කටයුතු කර තිබේ.
ඔවුන් පසුගිය සෙනසුරාදා දෙරට අතර ධීවර කටයුතු සිදුකෙරෙන මුහුදු සීමාව ඉක්මවා ගොස් ඇති අතර, පසුව දකුණු කොරියානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
සාමාන්‍යයෙන් උතුරු කොරියාවෙන් පළා එන වැසියන්ට දකුණු කොරියාව තුළ සරණාගතභාවය ලබාදුන්නද, මෙම සිදුවීමේදී මොවුන් දෙදෙනා එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඔවුන් යළි උතුරු කොරියාවට භාරදී ඇත.
දකුණු කොරියාව පවසා ඇත්තේ මොවුන් දෙදෙනා සරණාගතයන් ලෙස නොව, අපරාධකරුවන් ලෙස සලකා ක්‍රියාකළ බවයි.
ඔවුන් පසුගියදා මෙසේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් දකුණු කොරියාව වෙත ඇතුළු වුවද, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දින දෙකක කාලයක් ගතවී තිබේ.
එම ධීවරය යාත්‍රාවේ කපිතාන්වරයා මෙම ධීවරයන්ට නිතර හිරිහැර කිරීම නිසා ඔවුන් දෙදෙනා එකතුව මුලින්ම කපිතාන්වරයා ඝාතනය කර ඇති අතර, පසුව ඊට විරෝධය පෑ ධීවරයන් එකිනෙකා මරා දමා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.