ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කයිලි මැක්නානි පැවසුවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි පැවැත්වෙන ජනාධිපති ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ රැලියට සහභාගී වීමේදී තමන් මුඛ ආවරණයක් නොපලඳින බවයි.
එහිදී මුඛ ආවරණයක් පැලඳීමට හෝ නොකිරීමට ජනපතිගේ සහායකයන් ගන්නා තීරණය පුද්ගලික කාරණයක් බව ඇය පැවසුවාය.
"එය පෞද්ගලික තේරීමක්. මම මුඛ ආවරණයක් පලඳින්නේ නැහැ. මට මගේ සගයන් වෙනුවෙන් කතා කළ නොහැකියි"මැක්නානි පැවසීය.
"එය පෞද්ගලික තීරණයක්" ඇය පැවසුවාය. "මම නිතරම කොවිඩ් පරීක්ෂාවක් කරනවා. ඒ නිසා මුඛ ආවරණයක් පැලඳ නොසිටීම ආරක්ෂිත යැයි මට සිතෙනවා."
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.
නමුත් විශාල ජනසහභාගීත්වයක් ඇති මෙවැනි රැලියකදී පවා මුඛ ආවරණයක් නොමැතිව කටයුතු කිරීමට රටේ නායකයාගේ සිට ඔහුගේ සහායකයන් පවා වක්‍රාකාර උනන්දුවක් කිරීමෙන් රටේ කොරෝනා අර්බුදය දෙවැනි රැල්ලක් වෙත යන බව විශේෂඥ මතය වී තිබේ.
එසේම මේ වනවිටත් ඔක්ලහෝමා ප්‍රාන්තයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් ඉහළ ගොස් ඇති පසුබිමක, අදාල රැලිය සඳහා සහභාගී වන පිරිසේ යම් වෙන් කිරීමක් පවතින්නේ දැයි විමසූ විටද මැක්නානි පැවසුවේ ඔවුන් කිසිවෙකු ඒ ගැන සැලකිලිමත් නොවන බවයි.
"අපි ඔක්කොම ඔක්ලහෝමාවලට යනවා" කියා ඇය පැවසුවාය.
රැලියට සහභාගිවන්නන් සඳහා මුඛ ආවරණ ලබා දුන්නත්, මිනිසුන්ට ඒවා පැලඳීම අනිවාර්යය කර නොමැති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නමුත් මේ වනවිටත් ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ දෛනික නව තහවුරු කරන ලද රෝගීන්ගේ සාමාන්‍යයෙහි අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විශ්ලේෂණයකට අනුව, ජුනි 18න් අවසන් සතිය තුළ ඔක්ලහෝමා හි දිනකට නව ආසාදිතයන් 247ක පමණ සාමාන්‍යයක් පැවති අතර එය පෙර දින හතේ කාලයට වඩා 140% ක ඉහළ යෑමකි.
මේ අතර නිව්යෝක් ප්‍රාන්තයේ වෛරසය යම් පාලනයක් පැවතියද මේ වනවිට ඇමෙරිකාවේ සෙසු ප්‍රාන්තවල වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බවද ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.
ගෙවීගිය දිනයේ පමණක් එක්සත් ජනපදයේ අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 23,944ක් සහ මරණ 546 ක් වාර්තා කර තිබේ.