දෞපදි මුර්මු ඉන්දියාවේ නවදිල්ලියේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේදී එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නාය.
64 හැවිරිදි මුර්මු ඉන්දියාවේ දෙවැනි කාන්තා ජනාධිපතිවරිය වන අතර, ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාවෙන් රටේ ඉහළම ව්‍යවස්ථාපිත තනතුරට පත් වූ පළමු වැනි පුද්ගලයා බවට පත්වේ.
ඉන්දියාවේ ජනාධිපති ධුරය නාමමාත්රික ධුරයක් වන අතර, එරට රාජ්‍ය නායකයා වන්නේ අග්‍රාමාත්‍යවරයායි.