නවසීලන්තයේ තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දේශීය සම්ප්‍රේෂණයක් පසුගියදා වාර්තා වීමත් සමග එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය කල් දැමීමට සිදුවූ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් පවසයි.
දින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්ත අගමැතිනිය අද (12දා) දිනයේ උදෑසන පාර්ලිමේන්තුව විසිරුවා යළිත් වරක් සිය බලය උරගා බැලීමට තීරණය කර තිබුණත්, දින 102කට පසුව එරටින් ආසාදිතයන් කිහිප දෙනෙකු මතුවීම මෙම තීරණයට හේතු විය.
එහිදී නවසීලන්ත මැතිවරණයේ පළමු පියවර එලැඹෙන සැප්තැම්බර් මාසයේ 19දා පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව නවසීලන්ත අගැමැතිනිය වැඩිදුරටත් පවසයි.
"අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් මැතිවරණ ප්‍රකාශයට පත්කිරීමේ විකල්පයන් පිළිබඳව උපදෙස් ලබා ගන්නවා. ඒ අනුව එම සියලු විකල්පයන් අප සතුව ඇති බවට සහතික කර ගත හැකියි." ඇය කියා සිටියාය.
"ඒ වගේම මැතිවරණය කල් දැමීමට අප කිසිදු තීරණයක් ගෙන නැහැ. මොකද පැහැදිලිවම මේ පැතිරීම මුල් අවධියේ පවතින දෙයක්" අගමැතිනිය පැවසුවාය.
මේ අතර නව කොරෝනා වෛරස් පැතිරීමෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා නවසීලන්තයේ සියලුම විශ්‍රාමික නිවාස වසා තබන බව අග්‍රාමාත්‍ය ජසින්ඩ් ආර්ඩේන් වැඩිදුරටත් කියා සිටියාය.