දේශගුණික විපර්යාස පිළිබඳව වචන නොව ක්‍රියාමාර්ග ගන්න


දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.

චීනය දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නයෙන් ඉවත්වූ බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වෙන්බින් මෙසේ පැවසීය.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ශවකරුවන්ගේ 26 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (COP26) බයිඩන් මෙම ප්‍රකාශය කර තිබුණි.

"චීනය සාර්ථක පාලනයක් ශක්තිමත් ක්‍රියාවක් මත රඳා පවතින අතර ක්‍රියාවෙන් වචනවලට වඩා ප්‍රතිචාර දක්වනවා" වෑන්ග් පැවසුවේ පැරිස් ගිවිසුම ඉදිරියට ගෙනයාමට චීනය සහ එක්සත් ජනපදය ඒකාබද්ධ උත්සාහයන් ගත් නමුත් පසුව එක්සත් ජනපදය ඉවත් වීම ගෝලීය දේශගුණ පාලනයට සහ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බාධා කළ බවයි.

දේශගුණික ගිවිසුමට එක්සත් ජනපදය නැවත පැමිණීම සාදරයෙන් පිළිගනිමින්, එක්සත් ජනපද පාර්ශ්වය සිය වගකීම් අවංකව ඉටු කරනු ඇති බව විශ්වාස කරන බවද වැන්ග් පවසා සිටියේය.



Recommended Articles