දෙවොල තුළම මිහිදන් වෙයි


ඉන්දියාවේ හින්දු දෙවොලක පොළොව හදිසියේම ගිලා බසිමින්, ඊට යටින් පිහිටි ගැඹුරු අගලකට වැටීමෙන් එහි සිටි බැතිමතුන් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාම් නවාමි උත්සවය වෙනුවෙන් බැතිමතුන් විශාල පිරිසක් දේවාලය තුළ රැස්ව සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, මෙසේ එම අගලට ඇද වැටුණු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

මියගිය අයගෙන් වැඩි පිරිසක් අඩි 60ක් පමණ ගැඹුරු මෙම අගල තුළ ජලයේ ගිලී මියගොස් ඇති බව සඳහන් වෙයි. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ පුද්ගලයන් 80ක් පමණ සිට ඇති බව විශ්වාස කෙරෙයි.



Recommended Articles