දෙවැනි විද්‍යාගාර මොඩුයලය අභ්‍යවකාශගත කිරීමට සැරසේ


චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසාන අංගය වන චීනයේ දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් අභ්‍යවකාශගත කිරීමට සූදානම් වෙයි.

මේ වෙනුවෙන්, ලෝන්ග් මාර්ච්-5B Y4 වාහක රොකට්ටුවක් දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්‍යවකාශ යානා දියත් කරන ස්ථානයට ප්‍රවාහනය කර ඇති අතර, එය එකලස් කිරීම සහ පරීක්ෂණ සඳහා සූදානම් බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMS) නිවේදනය කරයි.

මෙම විද්‍යාගාර මොඩියුලය එකලස් කර ඇති අතර අගෝස්තු මස මුලදී එම දියත් කිරීමේ ස්ථානයට ගෙන යාමෙන් පසු පරීක්ෂණ සිදු කරමින් පවතී.



Recommended Articles