කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල සඳහා අපව සූදානම් කර ගැනීම සඳහා මුඛ ආවරණ භාවිතය සාමාන්‍යකරණය කිරීමට හා සමාජ දුරස්ථභාවය පුහුණු කිරීමට දැන් කාලය එළඹ ඇති බව වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆ්නර් පවසති.
"මුඛ ආවරණයක් පැලඳීම හා සමාජ දුරස්ථ හැසිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ කාලය දැන් එලැඹ තිබෙනවා. දෙවැනි රැල්ලක් පැමිණෙන විට අප එයට පුරුදු වී සිටිය යුතුයි. තවද දෙවන රැල්ල අප අත්විඳ ඇති දේට වඩා සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැයි මා විශ්වාස කරනවා." වෛද්‍ය ෂාෆ්නර් පැවසීය.
එහිදී දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ ව්‍යාපාර ඇතුළු සමාජයේ සෑම අංශයක්ම මෙම හැසිරීම ආදර්ශයට ගත යුතු බව ෂාෆ්නර් අවධාරණය කළේය.
"ඔබ මුඛ ආවරණයක් පැළඳීම සමාජ සම්මතයක් බවට පත් කළ යුතුයි. සෑම ව්‍යාපාරයකටම ඔවුන්ගේ දොරෙන් පිටත 'ඔබ අපට අනුග්‍රහය දැක්වීමට කැමති නම්, කරුණාකර මුඛ ආවරණයක් පැලඳ එන්න. ඔබට මුඛ ආවරණයක් නොමැති නම්, අපි ඔබට එකක් දෙන්න.' වැනි දැන්වීමක් තිබිය යුතුයි. ඒ වගේම ව්‍යාපාරයේ වැඩ කරන සෑම කෙනෙකුම එය පැළඳිය යුතුයි. සෑම ආගමක ආගමික නායකයන්, සෑමවිටම එහි වැදගත්කම දේශනා කළ යුතුයි. අපේ වාණිජ මණ්ඩල එළියට පැමිණිය යුතුයි. ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඊට එක්විය යුතුයි. එම පණිවිඩය සමග මෙසේ සැවොම එකඟව කටයුතු කරනවිට සමහර විට ඔබට එය අනිවාර්යයෙන් සාමාන්‍යකරණය වීම සිදුවනු ඇති" ෂාෆ්නර් වැඩිදුරටත් පැවසීය.