දෙවැනි ධුර කාලයේ වැඩභාර ගනිමින් මැක්රොන් පැවසූ දේ


වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පැරීසියේ එලිසි මාලිගයේ පැවති සමාරම්භක උත්සවයකදී "ශක්තිමත් ප්‍රංශයක්" ගොඩනගන බව ප්‍රකාශ කරමින් සිය දෙවැනි පස් අවුරුදු ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේය.

උත්සවයේ දේශනයකදී, මැක්රොන් යුරෝපයේ ස්ථාවරත්වය, නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස ඇතුළු ගෝලීය වගකීම් භාරගැනීම ඇතුළු රට සඳහා වූ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කළේය. දේශීය පෙරමුණේදී ඔහු ජාතික සමාජ ගිවිසුමට ගරු කරන ලෙසද ඉල්ලා සිටියේය.

"ප්‍රංශ ජනතාව මට අලුත් කාර්යයක් භාර දී තිබෙනවා" ඔහු පැවසීය. "මම දන්නවා මම එයට එකඟව ජීවත් විය යුතුයි. එය බිඳෙනසුලු විශ්වාසයක්." ප්‍රංශ නායකයා පැවසීය.

"ලෝකයේ නිදහසේ වටිනාකම්" අභියෝගයට ලක්ව ඇති බව සඳහන් කළ ඔහු, රටට සහ සියලු ප්‍රංශ ජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දුන්නේය. පසුව අභිනව ජනපති වෙනුවෙන් කාලතුවක්කු වෙඩිමුර 21ක උත්තමාචාරයක්ද පිරිනැමීය.



Recommended Articles