දුම්රියේ සිට මිසයිල ප්‍රහාරයක් අත්හදා බැලූ උතුරු කොරියාව


තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

මෙම නවතම මිසයිල පද්ධතිය මගින් රටට තර්ජනයක් එල්ල කරන ඕනෑම බලවේගයකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ හැකි බව පවසන උතුරු කොරියාව මෙය දුම්රියෙන් ගෙන යන මිසයිල පද්ධතියක් බව කියයි.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ඉලක්කයකට පහර දීමට පෙර මිසයිල කිලෝමීටර් 800ක් දුර පියාසර කර ඇති බව කියයි.

දකුණු කොරියාව සබ්මැරීනයකින් දියත් කළ බැලස්ටික් මිසයිලය අත්හදා බැලූ දිනම උතුරු කොරියානු දියත් කිරීම් සිදුවීමද විශේෂත්වයකි.

කොරියානු රටවල් දෙක අතර ආයුධ තරගයේ උණුසුම දිනෙන් දින ඉහළ යන අතර, දෙපාර්ශ්වයම නව, වඩාත් බලවත් මිසයිල සහ වෙනත් ආයුධ තමන් සතු බව පෙන්වමින් සිටියි.



Recommended Articles