දුම්රිය දෙකක් එකිනෙක ගැටේ


බංග්ලාදේශයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩකා නගරයට ඊසානදිගින් වූ භායිරාබ් ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මගී දුම්රියේ පසුපස පෙට්ටියේ ගැටී ඇති බව සඳහන් වෙයි.

දුම්රිය සංඥාවල සිදුවූ ප්‍රමාද දෝෂයක් මෙම අනතුරට හේතුව බව විශ්වාස කරන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

බංග්ලාදේශයේ පවතින දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තා වෙයි.



Recommended Articles