දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ රැඳෙන චීන මෙහෙයුම ගැනයි


චීනයේ ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය විසින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ හි රේඩියල් නැවතුම් අංගය වෙත සාර්ථකව ගොඩබැසීම සිදුවූ අතර, එය චීනයේ අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස රටවල් කිහිපයක විශේෂඥයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබේ.

ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානයේ සිටින චීන ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා එරට අභ්‍යවකාශය තුළ මෙතෙක් සිදුකළ දීර්ඝතම කාර්ය මණ්ඩල මෙහෙයුම සඳහා මාස හයක් කක්ෂයේ රැඳී සිටිනු ඇත.

"අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ චීනයේ සාර්ථකත්වය අඛණ්ඩව සිත් ඇදගන්නාසුලුයි" නවෝත්පාදන ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ඩෙනිස් සයිමන් පැවසීය. "චීනය දැන් අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රමුඛයා වීමේ මාවතට හොඳින් අවතීරණය වී සිටිනවා."

වත්මන් මෙහෙවරත් සමග චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චීනය තවත් ප්‍රධාන පියවරක් තබා ඇති බව ඔහු පැවසීය.

ඩියුක් කුන්ෂාන් විශ්ව විද්‍යාලයේ හිටපු විධායක උප කුලපතිවරයාද වන සයිමන් පැවසුවේ දැනට පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විශ්‍රාම ගැනීම කරා යනවිට චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථාවර ලෙස වැදගත් වනු ඇති බවයි.

"චීනය සිය කාර්ය මණ්ඩලයේ සහ රොබෝ අභ්‍යවකාශ කටයුතුවල විෂය පථය, කාලසීමාව සහ සංකීර්ණතාව පුළුල් කරන හෙයින් මේ මෙහෙයුම තවත් වැදගත් සන්ධිස්ථානයක්" යැයි ස්පේස් නිවුස් විසින් සිකුරාදා ගෙන ආ ලිපියක සඳහන් වේ.

සීඑන්එන් වාර්තාවකට අනුව චීනයේ දීර්ඝතම මෙහෙවර ගැන ජාතික ආරක්‍ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඩේවිස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩීන් චෙන්ග් පැවසුවේ, "මානව අභ්‍යවකාශ ගමන් මාර්ගය තුළ කඩිනමින් සිදුවන මෙහෙයුම් ගැන සලකා බැලීමේදී මෙය ඉතා සිත් ඇදගන්නාසුලු මෙහෙයුමක් වෙනවා" යනුවෙනි.

"අතීතයේ දී චීන ජාතිකයින් වසර දෙක තුනකට වරක් අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කළා. දැන් ඔවුන් මාස කිහිපයකට වරක් එය සිදුකරනවා" යැයි චෙන්ග් පැවසීය, "චීන ජාතිකයින් මේ වේගය පවත්වා ගන්නේ නම්, ඔවුන්ගේ මානව අභ්‍යවකාශ පියාසර ප්‍රයත්නයන් සඳහා මෙහෙවර වේගයෙහි විශාල වෙනසක් සිදුවන බව එයින් පිළිබිඹු වෙනවා."

බෘනායි හි මාධ්‍ය ප්‍රවීණයෙකු වන පුයි ජෙන් ලියොන් පැවසුවේ මාස 4ක් තුළ සාර්ථකව දියත් කළ ෂෙන්ෂෝ-12 සහ 13 මෙහෙයුම් සංකේතවත් කළේ චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිගු කාලීනව රැඳී සිටීමේ යුගයකට අවතීර්ණ වී ඇති බවයි. චීනයේ අභ්‍යවකාශ තාක්‍ෂණය ලොව ප්‍රමුඛ පෙළේ මට්ටමකට පැමිණ ඇති බව නැවත වරක් පෙන්නුම් කළ බවද හෙතෙම පැවසීය.

මෙම මෙහෙයුම මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගොඩනැගීමේ ප්‍රධාන තාක්‍ෂණ සාක්ෂි දැරීම සහ කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානා සහ අනෙකුත් අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සඳහා තවත් ශක්තිමත් අඩිතාලමක් දැමෙනු ඇතැයිද ඔහු පැවසීය.

"අභ්‍යවකාශ ගත කිරීමේ හා ගවේෂණයේදී චීනයේ හැකියාවන් අනාගතයේදී වර්ධනය වනු ඇතැයි විශ්වාසයෙන් පැවසිය හැකියි" යනුවෙන් එක්සත් ජනපද විශේෂඥ සයිමන් සඳහන් කළේය.



Recommended Articles