ඉන්දියාවේ කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස සැලකෙන දිල්ලියේ හිටපු මහ ඇමතිනී ශීලා ඩික්සිත් අවුරුදු 81ක් ආයු වළඳා සිය දිවියට සමුදී තිබේ.
ඉන්දියානු අගනගරයේ වැඩිම කාලයක් මහ ඇමති ධුරය දැරූ තැනැත්තිය ලෙස ඇය සැලකෙන අතර, වර්ෂ 1998 සිට 2013 දක්වා ඇය සේවය කළාය.
එමෙන්ම, කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, ඉන්දියාවේ ප්‍රධානතම විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය නියෝජනය කළාය.
අගනුවර රෝහලකදී ඊයේ (21දා) ඇය ජීවිතක්ෂයට පත්වූ බව ඇගේ ඥාතීන් දන්වා ඇති අතර, මෙම වසර මුලදී ඇය මහ මැතිවරණයේ කොංග්‍රස් පක්ෂ අපේක්ෂිකාවක ලෙසද නම් කර තිබුණි.
නමුත්, ඊසානදිග දිල්ලි ආසනය ජයගැනීමට ඇය මෙවර අපොහොසත් වූ අතර, ඇයට පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ ආසනයක් හිමි නොවීය.