දිල්ලි කතගේ මරණය ගැන සාධාරණය ඉල්ලා විරෝධය


දිල්ලියේදී මෝටර් රථ අනතුරකට පත් ස්කූටරයක් පැදවූ කාන්තාවක් අදාළ මෝටර් රථයේ සිරවී කිලෝමීටර් 12ක් පමණ ඇදගෙන ගොස් ඇති සිද්ධියට සාධාරණය ඉල්ලා දිල්ලියේ විරෝධයක් මතුව තිබේ.

20 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව පැදවූ ස්කූටරය මෙසේ අනතුරට පත්වී ඇත්තේ පසුගිය ජනවාරි 01දා අලුයම් කාලයේදීය.

ඇයගේ සිරුර කෙසේ හෝ මෝටර් රථයේ සිරවී කිලෝමීටර 10-12 ක් පමණ ඇදගෙන ගොස් ඇති බව දිල්ලි පොලිස් නිලධාරි සාගර් හූඩා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම අවස්ථාවේදී අදාළ කාන්තාව සමග එම ස්කූටරයේ සිටි අනෙක් තැනැත්තිය සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී ඇති අතර, මේ සමග දැනටමත් පුද්ගලයන් 5දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles