දිනුම් ලබන්න ලොතරැයි 12,000ක් සොරාගෙනලු


විශාල ත්‍යාග මුදලක් බලාපොරොත්තුවෙන් ලොතරැයි පත් 12,000ක් සොරකම් කළ පුද්ගලයෙකුට දීර්ඝ සිර දඬුවමක් නියම වී තිබේ.

රුසියාවේ මොස්කව් නුවර ජීවත් වන 50 හැවිරිදි ඇන්ඩ්‍රේ වැන්චක් නැමැත්තෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු ලොතරැයි අලෙවියට සම්බන්ධව සේවය කරමින් සිට ඒවා සොරා ගැනීමට යොමුව ඇති බව කියැවේ.

ඒ අනුව, 2022 පෙබරවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ඔහු ලොතරැයි පත් 11,979ක් සොරාගෛන ඇති අතර, එම ටිකට්පත්වල වටිනාකම ඇ.ඩො.18,000ක් පමණ වන බවද කියයි.



Recommended Articles