දින 959කට පසුව මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට


පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැලඳී නොසිටීම ඩොලර් 1,000ක දඩයකට යටත් කෙරුණු හොංකොං හි දැඩි මුඛ ආවරණ නීතිය දින 959කට පසුව ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමග එය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීමට දැඩි නීති දැමූ හොංකොං මේ වනවිට එම අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කර ඇත.

මූලික වශයෙන් 2020 ජූලි 15දා පොදු මගී ප්‍රවාහන සේවාවන්හි මුඛ ආවරණ නීතිය බලාත්මක කරමින් මෙය ඇරඹුණු අතර, ඉන් සති කිහිපයකට පසු අභ්‍යන්තර සහ බාහිර පොදු ස්ථානවලද මෙම නීතිය ක්‍රියාත්මක කෙරිණි.



Recommended Articles