දින 40කට පසු ද.කොරියාවේ අඩුම දෛනික ආසාදිතයන්


දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මගින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 82ක් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.

වාර්තා වූ නව සිද්ධීන් අතුරින් අවම වශයෙන් 72ක් දේශීය සම්ප්‍රේෂණය වූ අතර, මෙය දින 40කට පසුව එරටින් වාර්තා වූ අඩුම දෛනික ආසාදන සංඛ්‍යාව බවද සඳහන් වෙයි.

මේ වනවිට දකුණු කොරියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 22,975ක් වන අතර, මරණ සංඛ්‍යාව 383කි.



Recommended Articles