ඉරාක හමුදාවන්ට සහාය දැක්වීමේ අරමුණින් රැඳී සිටින උපදේශකයන් ගණනාවක් හැර, විදේශ හමුදා දින 15ක් ඇතුළත රට හැර යන බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය (JOC) තහවුරු කරයි.
මෙම ප්රකාශය පසුගිය ජූලි මාසයේදී එක්සත් ජනපදය සමඟ ඇති වූ උපායමාර්ගික සංවාදයකින් පසුව, දෙසැම්බර් 31දා වනවිට ඉරාකයෙන් සියලුම එක්සත් ජනපද සටන් හමුදා ඉවත් කර ගැනීමට දෙරට එකඟ වීම හා බැඳේ.
ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්රකාශක නිල ඉරාක ප්රවෘත්ති ඒජන්සියට පැවසුවේ විදේශ හමුදා පැමිණීම අවසන් කිරීම සැලැස්මට අනුව සිදුවන බවය.