දින 10ක් තුළ සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් 100ක් මරුට


ගෙවීගිය දින 10ක කාලය තුළ සිරියාවේ රෝහල්, පාසල් වෙළෙඳ සැල් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර දරුවන් 26 දෙනෙකුද සිටින බව පවසන එම සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානියා, කැරලිකරුවන් සිටින ප්‍රදේශ වෙත රජයේ හමුදාව ඇතුළු ඒකාබද්ධ සන්ධානය මෙම ප්‍රහාර දියත් කරන බවට චෝදනා කරයි.

කෙසේ වෙතත්, සිරියානු රජයේ හමුදාව මෙන්ම, ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රහාරයන්ට සම්බන්ධව සිටින රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් කිසිවිටෙකත් සිවිල් පුරවැසියන් ඉලක්ක නොකළ බව කියයි.

මෙය ලොව බලවත් රාජ්‍ය නායකයන්ගේ දුර්වලතාවක් නිසා සිදුවන්නක් බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles