දිගු ශීත අගුලු දැමීමෙන් පසු ප්‍රංශය විවෘත වීමට සූදානම්


ප්‍රංශයේ කොවිඩ්-19 රෙගුලාසි වෙනස් වෙමින් පවතින අතර, එයින් අදහස් වන්නේ රාත්‍රී සමාජශාලා නැවත විවෘත කළ හැකි අතර කැෆේ කවුන්ටර සේවාව නැවත ආරම්භ කර ඇති බවයි.

වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ඔමික්‍රෝන් ප්‍රභේදයට සම්බන්ධ ආසාදන වැඩිවීමක් ඉහළ ගොස් ඇති බවට ප්‍රංශ නිලධාරීන් විසින් කරන ලද නිවේදනයකින් පසුව, මෙසේ සීමා ලිහිල් කරන දෙවැනි හා අවසාන අදියර මෙයයි.

දෙසැම්බර් මාසයේ හදිසි දැඩි සීමා කිරීම්වලට මුහුණ දුන් රාත්‍රී ජීවිත සහ විනෝදාස්වාද අංශ සඳහා දෙවැනි අදියරෙන් අත්‍යවශ්‍ය සහන සලසා තිබේ.

පැරිසියේ රාත්‍රී සමාජශාලා කළමණාකරුවෙකු වන ඇලෙක්සැන්ඩ්‍රේ ප්ලැන්චොන් පැවසුවේ "නිවැරදි හේතු නිසා අප වසා දමා තිබූ බව මා දන්නවා, නමුත් ඒ නිසා මාස දෙකක ආදායමක් අපට අහිමි වුණා." යනුවෙනි.

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.



Recommended Articles