ඉතා දැවැන්ත වියදමක් දරමින් චීනයේදී නිෂ්පාදනය කෙරුණු අසූරා චිත්‍රපටය සිනමා ශාලාවලට පැමිණ සතියක් ගතවීමටත් පෙර ඉන් ගැලවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන යුවාන් මිලියන 750ක් (ඇ.ඩො.මිලියන 112ක්) වැය කරමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය තිරගතවීම ඇරඹී සතියක් ගත වනවිට උපයා තිබුණේ යුවාන් මිලියන 50කටත් වඩා අඩු ආදායමක් බව සඳහන් වෙයි.
චීන මිත්‍යා කතාවක් තේමා කරගනිමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයෙහි චීනයේ ප්‍රකට රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී ඇති අතර, විශේෂ තාක්ෂණික දෘශ්‍ය ප්‍රයෝග රැසක්ද චිත්‍රපටයට එක්ව තිබුණි.
කෙසේ වෙතත්, එහි නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ මෙම චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරි දිනකදී යළිත් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමටය.
ඒ අනුව, දෙවැනි වටයේදී හෝ අසූරා චිත්‍රපටය සාර්ථකත්වයක් ලබානොගත්තොත් මෙය චීන චිත්‍රපට කර්මාන්තයේ දැවැන්ත පසුබැසීමක් පෙන්නුම් කරන අවස්ථාවක් විය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.