බහින්බස් වීම වෙනුවට භූමියේ යථාර්ථයන් අවදි කරගෙන, වෛසය පාලනය කිරීමට දැන්වත් කටයුතු කරන ලෙස නව කොරෝනා වෛරසය හේතුවෙන් බලවත් ලෙස පීඩා විඳින රටවලින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය විසින් පවත්වන ලද සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මාධ්‍යවේදීන් අමතමින් මෙම අදහස් පළ කළේය.
"ජනතාව අවදි විය යුතුයි. දත්ත බොරු නොවෙයි. භූමියේ තත්වය බොරු නොවෙයි." රයන් පැවසීය.
පසුගිය වසරේ අගභාගයේදී චිනයේ මුලින්ම වෛරසය පැතිර යාමෙන් පසුව මේ වනවිට වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර, වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වන රටවල වෛරසය පාලනය කිරීම වෙනුවට බහින්බස් වීම් සහ දේශපාලන න්‍යාය පත්‍රයන් මත පමණක් ගමන් කිරීමක් දැකිය හැකිය.