දැන් නව සීතල යුද්ධයක් ආරම්භ වෙලා - තුර්කිය


යුක්රේනයේ ගැටුම සීතල යුද්ධයේ නව යුගයකට තුඩු දී ඇති අතර, එහි ප්‍රතිවිපාක දශක ගණනාවක් පවතිනු ඇතැයි තුර්කි ජනාධිපතිවරයාගේ ප්‍රකාශක අනතුරු අඟවා තිබේ. ඉබ්‍රාහිම් කාලින් රටේ නායක රෙසෙප් තායිප් එර්ඩොගාන්ගේ භූමිකාව දරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මෙම ප්‍රකාශයට පෙරද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, යුක්රේන අර්බුදය දිගටම ගැඹුරු වෙමින් පවතින බවයි. 'කෙටි කාලීන ප්‍රතිලාභ ගණනය කිරීම්' මෙන්ම, 'නව බල තුලනයක් සෙවීම' සහ 'මධ්‍යම හා දිගු කාලීන ඉදිරි දර්ශනයේ විශාල මූලෝපායික පාඩු' මේ නව සීතල යුද්ධය නිසා ඇති කරන බවද හෙතෙම අනතුරු ඇඟවීය.

"අපි සීතල යුද්ධයේ නව යුගයකට අවතීර්ණ වී සිටිනවා. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක දශක ගණනාවක් පවතිනු ඇති" 2014 වසරේ සිටම ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලින් වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles