දැනට පවතින එන්නත් නව කොවිඩ් ප්‍රභේදයන්ගෙන්ද ආරක්ෂාව සපයනු ඇතිලු


නව කොරෝනා වෛරසයේ නැගී එන ප්‍රභේදයන්ගෙන් පවා යම් ආරක්ෂාවක් සැපයීමට කාර්යක්ෂමතාව අතින් ඉහළ දැනට පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්වලට හැකිවනු ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.

 ඇය පැවසුවේ දැනට 95%ක කාර්යක්ෂමතාවක් පවතින එන්නත්වල සිට ක්‍රමිකව පවතින එන්නත්වලින්ද කොවිඩ්-19 නව ප්‍රභේදයන්ගෙන් යම් ආරක්ෂාවක් පවතින බවය.

"මේ එන්නත් නව ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියා කරනු ඇති" ඇය පැවසුවාය. "ඒවායෙහි කාර්යක්ෂමතාව 95%ක් වුවත්, සමහර විට එය 70%ක් වුවත් යම් ආරක්ෂාවක් ලැබේවි. මොකද අපට වාර්ෂිකව ලබාදෙන උණ එන්නත් පවා 75%ක පමණ කාර්යක්ෂමතාවකින් යුතු වුවත්, ඒවා අපට තවමත් ලැබෙනවා." ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



Recommended Articles