දැඩි වා කැලඹුමකට ලක්වූ එයාර් කැනඩා යානය හදිසි ගොඩබෑමක


එයාර් කැනඩා ගුවන් සේවයට අයත් යානයක් උඩුගුවනේදී දැඩි වා කැලඹුමකට හසුවීම නිසා එම යානයේ ගමන්ගත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, යානය හදිසි ගොඩබෑමක්ද සිදුකර තිබේ.

කැනඩාවේ වැන්කුවර් නගරයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා ගමන් කරමින් තිබූ මෙම යානය තුළ එම අවස්ථාවේදී පුද්ගලයන් 284 දෙනෙකු පමණ සිටි බව කියයි.

තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනෙකු පමණ යානය හදිසියේ ගොඩබෑ හවායි හි රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් හත් දෙනෙකු බරපතල තුවාල ලබා තිබූ බව කියයි.

බොයිං  777-200 වර්ගයේ මෙම යානය දැඩි වා කැලඹුවකට ලක්ව ඇති බව එයාර් කැනඩා ගුවන් සේවය පවසන අතර, මේ හේතුවෙන් යානය හදිසි ගොඩබෑමක් සිදුකිරීමට නියමුවන් කටයුතු කර තිබේ.

තුවාල ලැබූ වැඩි පිරිස යානය තුළ උඩවීසි වී ගොස් එහි වහලයේ ගැටී ඇති බව සඳහන් වන අතර, යානය තුළ තිබූ බඩුබාහිරාදිය වැදීමෙන් හා පෙරළීමෙන් තුවාල ලැබූවන්ද වෙයි.



Recommended Articles