දැඩි වර්ෂාපතනය නිසා බ්‍රසීල සංචාරක නගරයක 94ක් නසී


බ්‍රසීලයේ සංචාරක නගරයක් වන පෙට්‍රොපොලිස් නගරයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 94ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.

මේ අතර, ළමයින් 8දෙනෙකු ඇතුළු පුද්ගලයින් 24දෙනෙකු බේරාගත් බව රාජ්‍ය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එම නගර සභාව විසින් මහජන ආපදා තත්ත්වයක් නියම කළ අතර වින්දිතයින්ට උපකාර කිරීම සඳහා රෝහල් කණ්ඩායම් පිටත්කර තිබේ.

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.



Recommended Articles