දැඩි මෝසම් වර්ෂාවෙන් පකිස්ථාන ජීවිත 29ක් බිලි


මෝසම් වර්ෂාව පාකිස්තානයේ සෑම ප්‍රදේශයකටම දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එක් දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, අදාළ සිදුවීම්වලින් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, අවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මිය ගොස් ඇති බලුකිස්තාන් පළාත මෝසම් වර්ෂාවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති කලාපය ලෙස හඳුනාගෙන තිබේ.



Recommended Articles