මධ්‍යම හා බටහිර ජපානය ප්‍රබල චණ්ඩ මාරුතයකට මුහුණදී ඇති අතර, මේ හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට ඇති බව වාර්තා වෙයි.
ජොන්ග්ඩාරී සුළි කුණාටුවෙන් ඇති කර තිබෙන මෙම දැඩි සුළං තත්ත්වය සමග ප්‍රබල වැසි තත්ත්වයක් මෙන්ම, පැයට කිලෝමීටර් 180 ඉක්මවන සුළං බලාපොරොත්තු විය හැකි බවද එරට කාලගුණ අංශ පවසයි.
ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂූ වෙත එරට වේලාවෙන් අද (29දා) අලුයම 1.00 ට පමණ කඩා වැදුණු අතර, එය සුළි කුණාටුවක් ලෙස රට තුළ ක්‍රියාත්මක නොවුණත්, ප්‍රබල වැසි තත්ත්වයක් මෙන්ම, නායයෑමේ අනතුරු ඇඟවීම් සිදුකර තිබුණි.
ජපානයේ එන්.එච්.කේ ගුවන්විදුලිය පවසා සිටියේ නිවාස 150,000ක පමණ මේ හේතුවෙන් විදුලිය ඇණහිටීම්වලට ලක්ව ඇති බවයි.
මෙම මස මුලදී දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දෙමින් පීඩා විඳිමින් සිටි ජපානයට මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් කබලෙන් ලිපට වැටී ඇති බව කියැවෙයි.
විශේෂයෙන්ම එම ආපදා තත්ත්වය නිසා එරට මිලියන 8ක පමණ ජනතාවට සිය නිවෙස් අත්හැරීමට සිදුවූ අතර, තවමත් 4,000ක පමණ පිරිසක් තාවකාලික කූඩාරම්වල දිවි ගෙවති.