දරුවා බිහිකළ සැණින් විභාගයට මුහුණදුන් ඉතියෝපියානු මවක්


තම දරු ප්‍රසූතියෙන් විනාඩි තිහකට පසුන විභාගයකට මුහුණ දුන් මවක පිළිබඳව ඉතියෝපියාවෙන් වාර්තා වෙයි.

බටහිර ඉතියෝපියාවේ මෙටු නගරයේ ජීවත් වන 21 හැවිදිරි අල්මාස් ඩෙරේස් දරු ප්‍රසූතියට පෙර විභාගයට මුහුණ දීමට බලපොරොත්තුවෙන් සිටියද, රාමදාන් උත්සවය නිසා ද්වියිතික පාසල් විභාගය කල් යෑමෙන් එම අවස්ථාව මඟහැරුණි.

කෙසේ වෙතත්, පසුගියදා විභාගය ආරම්භ වීමට සුළු වෙලාවකට පෙර ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ අතර, තවත් වසරකින් විභාගය කල් දැමීමට අකැමැති වූ ඇය දරු ප්‍රසූතියෙන් විනාඩි 30කට පසුව විභාගයට මුහුණදීමට තරම් එඩිතර වූවාය.

ඇය පවසා තිබුණේ විභාගය සඳහා කෙසේ හෝ මුහුණදිය යුතුය යන අධිෂ්ඨානය නිසා දරු ප්‍රසූතිය තමාට කිසිදු වේදනාවක් හෝ අපහසුවක් ගෙන නොදුන් බවය. කෙසේ වෙතත්, විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඇයට රෝහලේ සිටම විභාගය ලිවීමට අවසර ලබාදී තිබුණි.

ඉතියෝපියාව තුළ තරුණියන් ද්විතීයික පාසල් විභාගය බොහෝවිට කල් දමන්නේ ඔවුන්ගේ විවාහයන් සඳහාය. නමුත්, පසුව යළි විභාගයට මුහුණ දී, විශ්වවිද්‍යාල වරම් ලබාගැනීම සඳහා දෙවසරක පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඔවුහු කටයුතු කරති.



Recommended Articles