ඇමෙරිකානු සංක්‍රමණික පවුල් බෙදී වෙන්වීමට ලක්වූ සංක්‍රමණික නීතිය අවලංගු කිරීමේ විධායක නියෝගයකට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන තුළ එකම පවුලේ අයට එකට සිටීමට අවස්ථාව සැලසෙන ලෙස මෙම නව නීතිය ප්‍රකාශයට පත්කර තිබේ.
නීතිමය ලියවිල්ලක් නොමැතිව ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ගේ දරුවන් එම දෙමවුපියන්ගෙන් වෙන්කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීම මෙම පියවරට හේතුව බව කියයි.
දරුවන් දෙමවුපියන්ගෙන් ඉවත් කරගෙන යන ඡායාරූප දැකීමෙන් තමන් මේ ගැන නැවත වරක් කල්පනා කර බැලූ බව ට්‍රම්ප් පවසා සිටියි.
කෙසේ වෙතත්, දැනටමත් වෙන් කෙරුණු පවුල්වලට මෙම නව ප්‍රතිපත්තිය තුළ පිළිසරණක් ලැබෙන්නේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
ඇමෙරිකානු ආගමන විගමන නිලධාරීන් අවධාරණය කළේ, මැයි මස 5දා සිට ජුනි 9දා දක්වා කාලය තුළ දෙමවුපියන් 2,206කගේ දරුවන් 2,342ක් වෙන්කෙරුණු බවයි.