දරුණු ශීත කුණාටු හේතුවෙන් කැලිෆෝනියාවේ මරණ 18ක්


කැලිෆෝනියාවේ දරුණු ශීත කුණාටුවලින් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ළඟාවී ඇති බවත්, ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය තුළ තවමත් ගංවතුර සහ මඩ කඳු නායයෑම් සඳහා කුණාටු තත්ත්වය හේතුවී ඇති බවද කියයි.

කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම්ගේ කාර්යාලය මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සඳුදා දහවල් වන විට ශීත කුණාටු පුද්ගලයන් 14දෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇති බවයි. එය පසුගිය වසර දෙක තුළ ලැව්ගිනිවලින් සිදුවූ ජීවිත හානිවලට වඩා වැඩි අගයකි.

"කැලිෆෝනියානුවන්ට අපගේ පණිවිඩය සරලයි. අධි සුපරීක්ෂාකාරී වන්න" යනුවෙන් නිව්සෝම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර, "තව දින කිහිපයක් දරුණු ශීත කාලගුණයක් පවතින අතර සියලුම කැලිෆෝනියානුවන් සීරුවෙන් සිටිය යුතු අතර හදිසි ආපදා නිලධාරීන්ගේ උපදෙස්වලට අවනත වන්න." යනුවෙන් වැඩිදුරටත් දැක්වේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා රාත්‍රියේ ෆෙඩරල් හදිසි ප්‍රකාශයක් සඳහා නිව්සෝම්ගේ ඉල්ලීම අනුමත කළේය. ප්‍රාන්තයේ කුණාටු ප්‍රතිචාරයට සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ෆෙඩරල් රජයේ සම්පූර්ණ දායකත්වය ලබාදී තිබුණි.

අධික වර්ෂාවත් සමඟ කැලිෆෝනියාවට ශීත ඍතු කුණාටු අඛණ්ඩව බලපෑ අතර, ගංවතුර, මාර්ග වසා දැමීම්, විදුලිය ඇනහිටීම් සහ ප්‍රාන්තය පුරා බොහෝ කලාපවල අනිවාර්ය ඉවත් කිරීම් සිදු විය.



Recommended Articles