දඩයම් සුනඛයන්ගේ ප්‍රහාරයකින් ප්‍රංශයේ ගැබිණි කාන්තාවක් මරුට


ප්‍රංශයේ වනාන්තර ප්‍රදේශයක දඩයම් බල්ලන් යොදාගෙන සිදුකළ දඩයමක් අතරතුර ගැබිණි කාන්තාවක් එම සුනඛයන්ගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

29 හැවිරිදි එලීසා පිලර්ස්කි නමැති කාන්තාව මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇති අතර, ඇය සිය සුනඛයන් සමග ඇවිදීමට ගොස් සිටියදී මෙම අනතුරට ගොදුරුව ඇත.

කෙසේ වෙතත්, මෙහිදී ඇය සපාකෑමට ලක්ව ඇත්තේ දඩයමේ ගිය සුනඛයන්ද නැත්නම්, ඇය සමග ඇවිදීමට ගිය ඇයගේම සුනඛයන්ද යන්න තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුවන බව කියයි.

මෙම ප්‍රදේශයේ දඩයම් සුනඛයන් යොදාගෙන ඇති පිරිස් පවසා ඇත්තේ තම සුනඛයන් කිසිදු විටෙක මෙවැනි පහරදීමකට සම්බන්ධ විය නොහැකි බවයි.

නමුත්, ඇය මෙම අනතුරට පෙර තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දී තමන් සුනඛ ප්‍රහාරයකට ලක්වීමට ආසන්න බව අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, ඔහු යන විටත් සුනඛයන්ගේ පහරකෑමට ලක්වූ ඇයගේ නිසල දේහය ඔහුට හමුවී ඇති අතර, තුවාල සමග සිදුවූ අධික ලේ ගැලීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.



Recommended Articles