දකුණුදිග චීනයේ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට මාධ්‍ය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ ගුයිසෝ පළාතේ සිදුවූ මෙම නායයෑමට නිවාස 20ක් පමණ හසුව ඇති බවයි.
එමෙන්ම, නාය යෑමෙන් පසුව තවත් පුද්ගලයන් 15 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින නිසා සෝදිසි මෙහෙයුම් සිදුවන බවද සඳහන් වෙයි.
එමෙන්ම, තවත් පුද්ගලයන් 40 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී ඇති අතර, මෙම පළාතට බලපෑ අධික වර්ෂාවත් සමග මෙම නායයෑම් තත්ත්වය හටගෙන තිබේ.