දකුණු සුඩාන උප ජනපතිට හා ජනපති බිරිඳටත් කොරෝනා


දකුණු සුඩානයේ උප ජනාධිපති රීක් මචාර් අද (19දා) නිවේදනය කළේ තමා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවයි.

එමෙන්ම දකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

ඒ අනුව මචාර් පැවසුවේ අද සිට තමන් නිවසේදීම දින 14 ක් ස්වයං නිරෝධායනය වන බවයි. කෙසේ වෙතත් තමා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, වෛරසයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් ඔහු පැවසීය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව දකුණු සුඩානයේ කොරෝනා වෛරස ආසාදිතයන් 290ක් සහ මරණ 4ක් වාර්තා වී තිබේ.



Recommended Articles