දකුණු මෙක්සිකෝවේදී ප්‍රාණ ඇපකරුවන් මරුට


දකුණු මෙක්සිකෝවේ යුකැටන් ප්‍රාන්තයේදී හඳුනා නොගත් අපරාධකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 8 දෙනෙකු  පැහැරගෙන ගොස් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.

යුකැටන් බලධාරීන් සඳහන් කළේ, මෙම මියගිය පිරිස බොහෝවිට අපරාධකරුවන් අතින් ඝාතනය වී ඇති බවයි. මෙක්සිකෝව තුළ මත්ද්‍රව්‍ය හා බැඳුණු අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙයි.



Recommended Articles