චීනය විසින් දකුණු චීන මුහුදේ අගෝස්තු 2 සිට 6 දක්වා සීමා සහිත ප්‍රදේශ සලකුණු කර යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
චීනයේ සමුද්‍රීය ආරක්ෂණ පරිපාලනය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේය.
මීට අමතරව එමපරිපාලනයට අනුව, සජීවී ගිනි අවි භාවිතයෙන් සිදුවන අභ්‍යාසයක් අගෝස්තු 1 සිට 4 දක්වා බොහායි මුහුදේ සමහර ප්‍රදේශවල පවත්වනු ලබයි.
එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අභ්‍යාස අරඹා තිබේ.