දකුණු කොරියාවේ කොවිඩ්-19 වෛරසය දේශීය සම්ප්‍රේෂණය වූ සිද්ධීන් 18ක් ජනාකීර්ණ සෝල් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සෙනසුරාදා වාර්තා කර තිබේ.
මෙම සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි කිරීමත් සමගින් ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමිනි.
ඒ අතර එරටට විදේශයන්ගෙන් පැමිණෙන ආසාදිතයන්ගේද වර්ධනයක් දැකිය හැකි අතර, එය සෙනසුරාදා දිනයේ 28ක් ලෙස තහවුරු කළේය. ඒ අනුව දකුණු කොරියාවේ බලධාරීන් පවසන්නේ රටේ නව කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් වැඩිදෙනා මේ වනවිට විදේශයන්ගෙන් පැමිණන අය බවයි.
මෙම ආනායනික සම්ප්‍රේෂණයන්, දේශීය සම්ප්‍රේෂණයට වඩා අඩු තර්ජනයක් බව ඔවුන් පවසන්නේ දකුණු කොරියාව වෙත පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා සති දෙකක නිරෝධායනයකට සහ වෛරසය පරීක්ෂාවකට ලක්කිරීම අනිවාර්යය කර ඇති නිසාය.
නව කොරෝනා වසංගතය තුළ තහවුරු වූ සමස්ත ආසාදිතයන් 13,711ක් දකුණු කොරියාව විසින් වාර්තා කර ඇති අතර, මරණ 295ක්ද ඊට ඇතුළත් වෙයි.