දකුණු කොරියාවේ තෙරපීමකින් මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි


දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි මේ වනවිට ජීවිතක්ෂයට පත්වූවන් 150කට අධික බව සඳහන් වෙයි.

මෙම හැලොවින් උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර, එම අවස්ථාවේ ඇතිවූ තෙරපීමක් මීට හේතු වී ඇත.

දකුණු කොරියාවේ සෝල් හි ඉටේවොන් දිස්ත්‍රික්කයේ හැලොවීන් උත්සවයක් අවස්ථාවේ සිදුවූ මෙම අනතුරින් තවත් 82 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කරයි.



Recommended Articles