දකුණු කොරියාව නව කොරෝනා වෛරස් ආසාදිතයන් 197ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර එය ජනාකීර්ණ සෝල් සහ එහි අසල්වැසි ප්‍රදේශ ආශ්‍රිත දේශීය සම්ප්‍රේෂණයන්ගේ නැගිටීම්වල ප්‍රතිඵලයක් බව කියයි.
කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානට අනුව මෙම නව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය සම්ප්‍රේෂණයන් වීම සැලකිය යුතු තත්ත්වයකි.
මරණ සංඛ්‍යාව 305ක් ලෙස මේ වනවිට වාර්තා වන අතර, ගෙවීගිය දිනයේ අතිරේක මරණ කිසිවක් රට තුළ වාර්තා වී නොමැත. මරණ අනුපාතය 1.99% කි.
රෝගයෙන් සුවය ලැබීමෙන් පසු තවත් පුද්ගලයින් 7 දෙනෙකු නිදහස් කර ඇති අතර, එම සංඛ්‍යාව 13,917ක් දක්වා ඉහළ ගොස් තිබේ.