දකුණු කොරියාවේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 34ක් ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇති අතර, මෙය ආසන්න දින කිහිපයේදී ආසාදිතයන් 30කට වඩා ඉහළ යෑමක් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
කෙසේ වෙතත් එරට පල්ලි ආශ්‍රිත ආසාදිතයන් ඉහළ යාමේ කිසිදු සලකුනක් නොපෙන්වන බවද එහි දැක්වෙයි.
දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක් ඇතුළුව විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද සමග ගෙවීගිය දිනයේ වෛරස් ආසාදිතයන් 34ක් රට විසින් හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් අඛණ්ඩව දෙවැනි දිනය සඳහා මරණ වාර්තා නොවූ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 305ක් විය.