දකුණු කොරියාව සෝල් නුවර දැඩි කොවිඩ්-19 සීමා පනවයි


නව කොරෝනා වෛරස ආසාදන මැඬපැවැත්වීම සඳහා දකුණු කොරියාව සඳුදා සිට සති දෙකක කාලයක් සඳහා ග්‍රේටර් සෝල් හි 4 වැනි මට්ටමේ දැඩි සීමාවන් පනවනු ඇති බව අග්‍රාමාත්‍ය කිම් බූ-කියුම් පවසයි.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය වනවිට රට තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 1,316ක් ගතවූ පැය 24 සඳහා වාර්තා වී ඇති අතර, එය බදාදා වාර්තා වූ දෛනික ආසාදන 1,275කට වඩා වැඩි අගයකි. ජූලි මස අවසන් වනවිට එම සංඛ්‍යාව දෙගුණයක් විය හැකි බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

නව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත.

රාත්‍රී සමාජශාලා සහ බාර් වසා තබන අතර අවන්හල් සහ ආපනශාලාවලට සීමිත ආසන ප්‍රමාණයක් පමණක් වෙන්කළ හැකිය. නමුදු රාත්‍රී 10න් පසු ආහාර ඩිලිවරි සේවාවන් පමණි.

"තුන්වැනි දිනය සඳහා සෝල්හි පමණක් තහවුරු වූ ආසාදිතයන් 500ක් වාර්තා වී තිබෙනවා" යැයි කිම් රජයේ රැස්වීමකදී පැවසීය. "ආසාදන පහෙන් හතරක්ම සෝල් නුවරින් ආසාදනය වී ඇති බව තහවුරු වෙලා."

නව මට්ටමේ 4 වැනි සීමාවන් හෙවත් සියලු දුරස්ථ පියවරයන්හි දැඩිම පියවර ජූලි 12 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර, සිකුරාදා සිට කිසිදු පෞද්ගලික රැස්වීමකින් වළකින ලෙස කිම් මහජනතාවට උපදෙස් දුන්නේය.

සති දෙකක අර්ධ අගුලු දැමීමේ කාලය තුළ අවම වශයෙන් එක් කොවිඩ්-19 මර්දන එන්නතක් හෝ ලබා දුන් පුරවැසියන් සඳහා මුඛ ආවරණ රහිත එළිමහන් රැස්වීම් සඳහා මෙම වසර මුලදී රජය ලබාදුන් ඉඩද මෙම කාලය තුළ අත්හිටුවන බව ඔහු පැවසීය.

දකුණු කොරියාව ද්විත්ව එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී මේ දක්වා ලබාදී ඇත්තේ මිලියන 52ක ජනගහනයෙන් 10%කට වඩා වැඩි පිරිසකට පමණක් වන අතර, 30%කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී ඇති බවත්, ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 60ට වැඩි අය බවත් සඳහන් වේ.

සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.



Recommended Articles