දකුණු කොරියාව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි


දකුණු කොරියානු මහ බැංකුව (ද බෑන්ක් ඔෆ් කොරියා) සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට කාලකින් ඉහළ දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදුකර ඇති මෙම වෙනස් කිරීම සමග එරට පොලී අනුපාත 1.75%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එතරම් ඉහළ උද්ධමනයක් දකුණු කොරියාව තවමත් අත් නොවිඳින තත්ත්වයක මෙම සියුම් සීරුමාරුව එරට මහ බැංකුව විසින් සිදුකර තිබුණත්, ඉතා ඉහළ උද්ධමනයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවල එය සමනය කිරීම සඳහා තවදුරටත් පොලී අනුපාතික ඉහළ දැමිය යුතු බවද ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.



Recommended Articles