දකුණු කොරියාවේ ග්වන්ග්ජු පළාතේ රාත්‍රී සමාජ ශාලාවක අභ්‍යන්තර සඳලු තලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෙනසුරාදා අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ලෝක පිහිනුම් ශූරතාවට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබේ.
එසේ තුවාල ලැබූ ක්‍රීඩකන් අතර ඇමෙරිකානු, නවසීලන්ත, නෙදර්ලන්ත, ඉතාලි සහ බ්‍රසීල ක්‍රිඩකයන් සිටින බව කියැවෙයි.
බරපතළ තත්ත්වයේ සිටි කොරියානුවන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී කොයෝටේ උග්ලි රාත්‍රී සමාජ ශාලාව තුළ පුද්ගලයන් 370ක් පමණ රැඳී සිට ඇති බව සඳහන් වෙයි.