දකුණු කොරියානු සමාජ ශාලා පොකුරේ ආසාදිතයන් ඉහළට


දකුණු කොරියානු බලධාරීන් විසින් සෝල් අගනුවර රාත්‍රී සමාජශාලාවලට සම්බන්ධ තවත් කොවිඩ් -19 ආසාදිතයන් 12දෙනෙකු හඳුනාගෙන තිබේ.

අප්‍රේල් මස අග භාගයේ සිට සෝලි නුවර ඉටෙවොන් දිස්ත්‍රික්කයේ රාත්‍රී මත්පැන් හල් සහ සමාජ ශාලාවලට මිනිසුන් නැවත පැමිණීම ආරම්භ වූ විට වෛරසය බහුලව පැතිරීම ආරම්භ වී තිබේ.

දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (KCDC) අනුව මැයි 6දා සිට මේ දක්වා නව පොකුරේ ධනාත්මක රෝගීන් 131 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තබේ. එමෙන්ම එම මධ්‍යස්ථානය විසින් කොවිඩ්-19 පරීක්ෂණ 35,000ක් සිදුකර ඇති අතර, ඊයේ දිනයේ පමණක් පරීක්ෂණ 15,000ක් සිදුකරමින් මෙම නව පොකුර ඉක්මණින් සොයා ගැනීමට සහ පාලනය කිරීමට දකුණු කොරියානු බලධාරීන් උත්සාහ කරමින් සිටියි.



Recommended Articles