දකුණු කොරියානු විපක්ෂ අපේක්ෂකයා ජනපති වෙයි


මෑත මතකයේ රටේ පැවති වඩාත්ම මතභේදාත්මක මැතිවරණයෙන් පසුව එරට විපක්ෂයේ අපේක්ෂකයා වන යූන් සුක්-යෙඕල් ජයග්‍රහණය කර තිබේ.

හිටපු ජනපති මූන් ජේ-ඉන්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පැවති තරගයේදී, එරට පාලක පක්ෂයේ අපේක්ෂක ලී ජේ-මියුන් පරාජය කරමින් කොන්සර්වේටිව් දේශපාලඥ යූන් සුක්-යෙඕල් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

සමස්ත ඡන්දවලින් 99%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර ඇති පසුබිමක මහජන බලය පක්ෂය (PPP) විසින් නම් කරන ලද යූන් එම ඡන්දවලින් 48.6%ක් ලබාගෙන තිබුණි. මූන්ගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයෙකු වූ ලී විසින් ඡන්ද 47.8%ක් සමග ආසන්නයට පැමිණ සිටියත් ඔහුට ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි විය.

ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ මූලස්ථානයේ මාධ්‍යවේදීන් අමතමින් ලී පරාජය පිළිගත්තේය.



Recommended Articles